විදෙස්

මීළඟ ඇමෙරිකානු ජනාධිපති සහ ලෝක නායකයින් අතර දුරකථන සංවාද

(UTV | ඇමරිකාව) – ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බයිඩන්, රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සමග දුරකථන සංවාද පවත්වා තිබේ.

 

ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සමග ඔහු මෙලෙස දුරකථන සංවාද පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී, ඉන්දු – පැසිෆික් කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

මීට අමතරව එම රාජ්‍ය  නායකයින් අතර ආරක්ෂක, ආර්ථික සහ සාමාජීය වශයෙන් වැදගත්වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇතිබව සඳහන් වේ.

Related posts

තුර්කියේ පැවැත්වූ මැතිවරණයක් යළි පවත්වන ලෙස නියෝග.

Mohamed Dilsad

ඕමික්‍රොන් බලපෑමෙන් ප්‍රංශය දැඩි සීමා පනවයි

Mohamed Dilsad

සුකී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය හමුවට

Mohamed Dilsad

Leave a Comment