දේශීය

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 10,400 ඉක්මවයි

(UTV |කොළඹ ) – අද (09) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වු කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් ගණන 10,451ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 1,041ක්, පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් පුද්ගලයින් 1,007ක් සහ ඉතිරි පුද්ගලයින් 8,403 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 412ක් හා එම කම්හලේ සේවකයින්ගේ සහ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් 4,449 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

අද උදෑසන දෝහා කටාර් සිට පුද්ගලයෙක් මෙරටට පැමිණ ඇති අතර ඔහු නිරෝධායනය සඳහා යොමුකර ඇත.

අද දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 63,921ක් නිවෙස් බලා පිටව ගොස් තිබේ. තවත් පුද්ගලයින් 2,409 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන 27ක නිරෝධායනය වෙමින් සිටී.

මේ අතර ඊයේ (08) දිනය තුළ පීසීආර් පරීක්ෂණ 410,632ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 602,850කි.

ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 510ක් හඳුනාගත් අතර, මෙරට සිදුවු 35 වන කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණය ද ඊයේ වාර්තා විය.

Related posts

ණයහිමියන්ට ජනපතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්: ප්‍රධාන මාර්ගයත් අවහිරයි.

Editor O

මෛත්‍රී සහ සරත් පාර්ලිමේන්තු‍වේ දී පරණ කතා කියමින් පැටලෙයි!

Mohamed Dilsad

Leave a Comment