දේශීය

ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට සංචරණ සීමා

(UTV | රත්නපුර) – ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ අද (29) රාත්‍රී 12 සිට ලබන 02 වනදා පෙරවරු පහ දක්වා සංචරණ සීමාවන් පැනවීමට ඇහැලියගොඩ ප්‍රාදේශීය කොරොනා මර්දන කමිටුව තීරණය කළේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් ආසාදිතයින් අටදෙනෙකු ඇහැලියගොඩ කොට්ටාසයේ වාර්තාවීම නිසා මෙම තීරණය ගත් බව ඇහැලියගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී නන්දන කුමාරසිංහ මහතා පැවසීය.

ඇහැලියගොඩ ප්‍රදේශයේ කොරොනා වසංගත තත්ත්වය පැතිරීම අවම කිරීමට ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,පොලිසිය සහ  සෞඛ්‍ය වෙද්‍ය නිලධාරි කාර්යාලය එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිටස්තර ප්‍රදේශවලට නොගොස් නිවෙස්වල රැඳී සිටිමින් අවශ්‍ය සහයෝගය දක්වන ලෙසද සෞඛ්‍ය වෙද්‍ය නිලධාරීවරයා ඉල්ලීමක් කළේය.

රත්නපුර සිරිපාගම ,මල්වල සහ අවට ප්‍රදේශවලට පැනවූ සංචරණ සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වේ.

 

 

Related posts

සමගි ජන බලවේගය හංසයා ලකුණින් මහමැතිවරණයට

Mohamed Dilsad

ශිෂ්‍යත්ව අභියාචනාවලින් සිසුන් 146ක් සමත්වෙයි

Mohamed Dilsad

ප්‍රංශ ජනාධිපති ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment