දේශීය

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

(UTV| කොළඹ) – 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන සඳුදා නිකුත් කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට සඳහා සිසුන් 41,500 ක් බඳවා ගන්නා බවද ඒ මහතා පවසයි.

වෛද්‍ය, ඉංජිනේරු ආදී උපාධි පාඨමාලා කිහිපයක් සඳහා මෙවර බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ද ඉහළ නංවා ඇත.

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, නව සහ පැරණි විෂය නිර්දේශ දෙකම යටතේ පැවැත්විය.

 

Related posts

නීතිපතිවරයා ඉළක්ක කරමින් සිදුවන ප්‍රකාශ සම්බන්ධව නීතීඥ සංගමයෙන් නිවේදනයක්

Editor O

පැන ගිය කොවිඩ් ආසාදිතයා ඇහැළියගොඩදී අත්අඩංගුවට

Mohamed Dilsad

රත්නපුර දිස්ත්‍රික් මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්

Editor O

Leave a Comment