දේශීය

හෝමාගම නගරයෙනුත් කොරෝනා රෝගියෙක්

(UTV |හෝමාගම) – හෝමාගම නගරයේ පිහිටි වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසැලක හිමිකරුවෙකු කොරෝනා ආසාදිතයෙකු බවට අනාවරණය වී තිබේ.

මේ අනුව අද සිට එම වෙළඳසැල වසාදැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

වෙළඳසැල් හිමිකරුගේ පවුලේ සාමාජිකයින් සහ වෙළඳසැලේ සේවකයන් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

එම මාළු වෙළඳසැලේ හිමිකරු පෞද්ගලිකව සිදුකළ PCR පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබේ.

Related posts

මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ

Mohamed Dilsad

රුපියල ශක්තිමත් වෙයි

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment