දේශීය

20 වන සංශෝධනය ගැන ඡන්ද විමසීම අද

(UTV |කොළඹ) – 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද (22) පස්රීවරුවේ  සිදුකිරීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් වන විවාදය ඊයේ (21) පෙරවරුවේ ආරම්භ වූ අතර එය අද දිනයේත් පැවැත්වේ.

අද පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වෙන අතර කාරක සභා අවස්ථාවෙන් පසු ඊට අදාළ ඡන්ද විමසීම සිදුකෙරේ.

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා විපක්ෂය ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පවසයි.

නමුත් ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීමේ දී විපක්ෂයේ පිරිසක් ද ආණ්ඩුවට සහය දැක්වීමට මේ වන විටත් කැමැත්ත පළකර ඇති බවද වාර්තා වේ.

Related posts

මුළු දිවයිනටම ත්‍රිවිධ හමුදාව කැඳවීම දීර්ඝ කරයි

Mohamed Dilsad

සුනිල් ජයවර්ධන ඝාතනය කළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

තැපැල් දෙපාර්තමේන්තුව හරහා සතොස භාණ්ඩ බෙදා හැරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment