දේශීය

බස්නාහිර පළාතේ වැටලීම් වලින් 282ක් අත්අඩංගුවට

(UTV |කොළඹ) –  බස්නාහිර පළාත තුළ මත්ද්‍රව්‍ය හා වෙනත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 282 අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ගත වූ පැය 24 තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඉන් 134 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ළඟ තබාගෙන සිටීමේ චෝදනාව මතය.

මෙහිදී පොලිසිය භාරයට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 246කට අධිකය.

පුද්ගලයින් 48 දෙනෙකු සතුව තිබී ගංජා කිලෝ 2කට අධික ප්‍රමාණයක්ද, අයිස් ග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි 7 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

නාවික හමුදාව නිශ්පාදනය කරන ලද මෙඩි මේට් යන්ත්‍රයක් කළුබෝවිල රෝහලට [PHOTOS]

Mohamed Dilsad

කොරෝනා මරණ ගණන තවත් ඉහළට [RELEASE]

Mohamed Dilsad

අදත් කලාප වශයෙන් විදුලි කප්පාදු

Mohamed Dilsad

Leave a Comment