දේශීය

උසස් පෙළ සිසුවෙකුටත් කොරෝනා

(UTV |ගම්පහ) – දිවුලපිටිය ප්‍රදේශයේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටින  සිසුවෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

සිදු කළ PCR පරික්ෂණයේ වාර්තාවට අනුව මෙම සිසුවාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

එම සිසුවාගේ පවුලේ සාමාජිකයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට මීට පෙර හඳුනාගෙන තිබුණි.

මේ හේතුවෙන් එම සිසුවා සමග විභාගයට පෙනීසිටි සිසුන් 20 දෙනෙකු කණ්ඩායම් දෙකකට බෙදා විභාගයට පෙනී සිටිමේ අවස්ථාව ලබාදී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ එම සිසුවා මේ වන විට ඉරණවිල රෝහලට යොමු කර ඇති බවත් එහි ස්ථාපිත විභාග මධ්‍යස්ථානයේදී ඔහුට විභාගයට පෙනී සිටිමේ අවස්ථාව සලසා දී ඇති බවයි.

Related posts

අද දවසේ තවත් කොවිඩ් ආසාදිතයන් 350 ක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා ට එරෙහි පෙත්සමකට අදාළව අධිකරණ නියෝගයක්

Editor O

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 10,400 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment