ගොසිප්

නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් පලා යාමට උත්සහ දරයි

(UTV |මහනුවර) – බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ‍්‍රයේ නිරෝධායනය සඳහා යොමු කර තිබූ රැදවියන් පිරිසක් පලායාමට උත්සාහ දරා තිබේ.

මෙහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා එම උත්සාහය ව්‍යවර්ථ කර ඇත.

එම රැදවියන් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුටද පහර දී පළා යාමට උත්සාහ කර ඇතැයි පොලිසිය පවසයි.

මේ හේතුවෙන් බන්ධනාගා පරිශ්‍රය පෙරේදා (12) රාත්‍රියේ ඉතා උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබේ.

රැදවියන්ගෙන් පහරකෑමට ලක් වූ බන්ධනාගාර නිලධාරියෙකු මේ වන විට මහනුවර රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ පහර දී පළා යාමට උත්සාහ කර ඇත්තේ බන්ධනාගාර ගත කර සිටම නිරෝධායනයට යොමු කර තිබූ මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ රැඳවියන් පිරිසකි.

Related posts

උපාධිය අතැතිව 7 වසරක් රෝද පුටුවේ සිටි මධූගේ සිහිනය සැබෑවක් වෙයි

Mohamed Dilsad

කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදුන් ඉන්ජිනේරු නිලධාරියා අත්අඩංගුවට

Mohamed Dilsad

ජනතාව පාරට බැස රාජපක්ෂලාගේ මන්දිර වැටලිය යුතුයි

Mohamed Dilsad

Leave a Comment