ව්‍යාපාරික

චීනයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 16.5 ක මූල්‍යාධාරයක්

(UTV | කොළඹ) – චීන රජය ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 16.5 ක මූල්‍යාධාරයක් ලබාදීමට එකඟතාව පළ කර ඇත.

පසුගියදා චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික යැං ජියෙචි ප්‍රමුඛ චීන රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම මෙරට සිදුකළ සංචාරයට සමගාමීව අත්සන් තැබූ ගිවිසුම් ප්‍රකාරව එම මුදල් ආධාර ලබාදීමට නියමිත බව මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ආයතනයේ සභාපති වන් ෂියාඔටාඕ සහ මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල පසුගිය 09 වනදා අත්සන් තැබීය.

කොරෝනා වසංගත තත්ත්වය තුළ පවා එම ව්‍යාපෘති ලබා ඇති සාර්ථකත්වය එහිදී පැසසුමට ලක් කළ චීන නියෝජිතයන් ඕනෑම මොහොතක උපරිම සහයෝගය ලබාදෙන බව ද අවධාරණය කළේය.

Related posts

ව්‍යාජ “ඕසෙම්පික්” ඖෂධය පිළිබඳව අනතුරු ඇඟවීමක්

Editor O

සහල් මිල තවත් වැඩිවන ලකුණු

Mohamed Dilsad

ඩොලරය රුපියල් 265ට යයි

Mohamed Dilsad

Leave a Comment