දේශීය

නේවාසික රෝගීන් බැලීමට යාමේදී පිළිපැදිය යුතු උපදෙස්

(UTV |කොළඹ) – මේ දිනවල පවතින කොරෝනා තත්ත්වය හමුවේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාමේදී පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මෙම නිවේදනයක් නිකුත් කර ඇත.

සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති අත් සේදීම, මීරටයක සමාජ දුරථ භාවය පවත්වා ගැනීම සහ මුහුණු ආවරණයක් පැළඳීම යන උපදෙස් තරයේ පිළිපදින ලෙසටයි ජනතාවට දැනුම් දෙයි.

එමෙන්ම නේවාසික රෝගීන් බැලීමට යාම අවම කරන ලෙසට ද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

රෝගීන්  සඳහා රැගෙන යන ද්‍රව්‍ය රෝගියා මුණගැසී ලබාදීම වෙනුවට සුදුසු ක්‍රමවේද මගින් රෝගියා වෙත ලැබෙන්නට සැලැස්වීමට කටයුතු කළ හැක.

අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ළඟම ඇති රෝහල වෙතට යන ලෙසට ද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

අලුත් පාර්ලිමේන්තුවේ ආරම්භක දිනයේ වැඩසටහන ගැන පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකයෙන් නිවේදනයක්

Editor O

බද්ද වැඩිකරන්න කලින් ආණ්ඩුවට හිතවත් කූඨ ව්‍යාපාරිකයින් ලොකු ලූණු ටොන් 18000ක්, අල ටොන් 23000ක් ගෙන්නලා

Editor O

“ශ්‍රී ලංකාවේ පාකිස්තාන බෞද්ධ සංචාරක ව්‍යාපාරය සඳහා ඇති අවස්ථා සහ අභියෝග” පිළිබඳ අන්තර්ජාල සාකච්ඡාව

Mohamed Dilsad

Leave a Comment