ක්‍රීඩා

බ්‍රිගේඩියර් මහේෂ් වොලිබෝල් දෙවැනි පුටුවට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති තනතුරට බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න මහතා පත් කර ඇත.

සම්මේලනයේ විධායක සභාව පසුගියදා ගත් තීරණයක් අනුව මේ පත්වීම සිදුකර ඇත්තේ සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස කටයුතු කළ ජී.ටී.එස්.කේ. අබේසිරිවර්ධන මහතා උප සභාපති තනතුරින් ඉවත් වීම හේතුවෙන්.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා විසින් යුද හමුදාපතිවරයාගෙන් කළ ඉල්ලීමට අනුව මහේෂ් අබේරත්න මහතාට සම්මේලනයේ කටයුතු සඳහා සහභාගිවීමට අනුමැතිය ලබාදී ඇත.

බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න මහතා වොලිබෝල් ක්ෂේත්‍රයේ ජාතික මට්ටමේ ක්‍රීඩකයකු මෙන්ම පුහුණුකරුවකු ලෙස අදියර 1, 2 හා 3 සමත්ව ඇති අතර, හංග්රියාවේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ වොලිබෝල් විශේෂිත ඩිප්ලෝමාධාරියෙකි.

ජාතික කනිෂ්ඨ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ කළමනාකරු මෙන්ම ජාතික වොලිබෝල් තේරීම් කමිටු සභාපති ලෙස ද කටයුතු කර ඇති ඒ මහතා 2000-2004 සම්මේලනයේ ප්‍රධාන ලේකම් හා ජාතික ඔලිම්පික් කමිටු විධායක නිලධාරියකු ලෙස ද කටයුතු කර තිබේ.

වොලිබෝල් සම්මේලනයට ජාතික කණ්ඩායම පුහුණු කිරීමට අවශ්‍යව තිබූ ක්‍රීඩා සංකීර්ණයක් දීමට ක්‍රීඩා ඇමැතිවරයා කටයුතු කිරීමත්, යුද හමුදාපතිතුමන් ජාතික තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමත් තුළින් ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම්වලට ඉතා කෙටි කලකින් අන්තර්ජාතික ජයග්‍රහණ අත් කර ගැනීමට හැකි වනු ඇතැයි ද ඒ මහතා කියයි.

Related posts

2018 කනිෂ්ඨ ආසියානු කී‍්‍රඩා උළෙලේ පදක්කම් ලාභී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ජනපතිගේ ඇගයීමට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට

Mohamed Dilsad

ජර්මනියේ බුන්ඩස්ලීගා පාපන්දු තරඟ ඇරඹීමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment