දේශීය

රජයේ ප්‍රකාශන කාර්යාංශය ඇතුළු ආයතන කීපයක් තාවකාලිකව වැසෙයි

(UTV | කොළඹ) – රටේ පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති රජයේ ප්‍රකාශන කාර්යාංශය සතියක කාලයක් වසා දමා ඇත.

හෙට (09) සිට ලබන 16 වැනිදා දක්වා එය වසා තැබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන පියසද යළි දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබෙනවා.

මීට අමතරව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ලබා ගැනීමට බාහිර පුද්ගලයින් පැමිණීම අද(08) සිට යළි දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිිටිිිිිියේය.

Related posts

ආපදා තත්ත්වයෙන් අවතැන්වූවන් 6600ක් තවමත් සුරක්ෂා මධ්‍යස්ථානවල

Editor O

සියලුම විශ්වවිද්‍යාල විවෘත කෙරේ

Mohamed Dilsad

අග්‍රාමාත්‍යතුමා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment