දේශීය

අද දවසේ කාළගුණය මෙන්න

(UTV | කොළඹ) – අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත්, ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී (40-50) පමණ තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා ඇත.

Related posts

හාල්, පොල්, බෙහෙත් දීගන්න බැරුව, ආණ්ඩුව කෙඳිරි ගානවා – හිටපු ඇමති පාඨලී චම්පික රණවක

Editor O

ලංකාවේ සේවය කරන විදේශිකයින්ට බද්දක් පැනවේ

Mohamed Dilsad

ඉදිරි දින දෙක තුළ මැතිවරණයට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට්ටුවක්

Mohamed Dilsad

Leave a Comment