විදෙස්

විනාඩි කීපයකින් කොරෝනා ආසාදිතයන් හඳුනාගත හැකි ක්‍රමවේදයක්

(UTV | කොවිඩ් 19) – විනාඩි කිහිපයක් තුළ කොරෝනා ආසාදිතයන් හඳුනා ගත හැකි මිළ අඩු පරීක්ෂණ ක්‍රමවේදයක් අඩු සහ මැදි ආදායම් ලබන රටවල සීඝ්‍රයෙන් ව්‍යප්ත වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ඉදිරි මාස 06 තුළදී එහි පරීක්ෂණ කට්ටල කෝටි 12 ක් නිපදවීමට නිෂ්පාදකයන් එකග වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම එක් පරීක්ෂණ ක්‍රමවේදයක් සඳහා ඩොලර් 5 ක් වැනි මුදලක් පමණක් වැයවන බවද එම වාර්තාවල සඳහන් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රස් ඇඩනම් ප්‍රකාශකර සිටින්නේ දැනට කොරෝනා ප්‍රථිපලයක් ලබා ගැනීමට ගතවන පැය ගණනක් වෙනුවට විනාඩි 15 ත් 30 ත් අතර කාලයකින් මෙම පරීක්ෂණ ප්‍රථීපලය ලබා ගත හැකි බවයි.

Related posts

ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා මුණ ගැසීමට සුදානම්

Mohamed Dilsad

එබෝලා රෝගය ලොව පුරා පැතිරීමේ අවධානමක්

Mohamed Dilsad

මැදියම් රෑ හෙල්ලුණු චීනය | නිවෙස් කඩා වැටෙයි

Mohamed Dilsad

Leave a Comment