දේශීය

චම්පිකගේ රියදුරු අත්අඩංගුවට ගන්න වරෙන්තු [UPDATE]

(UTV | කොළඹ) –  2016 වසරේ රාජගිරියේ සිදුවූ රිය අනතුරට අදාළව නඩුවේ 02 වන විත්තිකරු වන දිලුම් තුසිත කුමාර නමැත්තා අත්අඩංගුවට ගැනීමට කොළම මහාධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම නියෝගය ලබාදුන්නේ එම තැනැත්තා අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

මීට අමතරව නඩුවේ විත්තිකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ඔහුගේ එවක රියදුරු දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ අපරාධ අංශයේ එවක ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට විදෙස් ගමන් තහනමක්ද පණවනු ලැබීය.

—————————————————————————————————————————————————————-

(UTV | කොළඹ) – රාජගිරියේදී සිදුවූ රිය අනතුරට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් 03 දෙනාට එරෙහි නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සඳහා එය අද (29) කොළඹ මහාධිකරණයේදී කැඳවීමට නියමිතව ඇත.

තරුණයකුට බරපතළ අනතුරක් සිදු කිරීම, බොරු සාක්ෂි නිර්මාණය, සාක්ෂි අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා 16 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකරනු ලැබීය.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලූම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන අයට එරෙහිව අදාළ නඩුව ගොනු කර ඇත.

Related posts

කොරෝනා රෝගියෙක් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

සියලුම උපතැපැල් කාර්යාල අද වැසෙයි

Mohamed Dilsad

අද ගෑස් පෝලිම්වලට එන්න එපා

Mohamed Dilsad

Leave a Comment