දේශීය

මහනුවර ගොඩනැගිලි විමර්ශණයට විශේෂ ඉංජිනේරු කමිටුවක්

(UTV | මහනුවර) – මහනුවර නගරයේ පවතින ගොඩනැගිලි සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සදහා ඉංජිනේරුවරුන් 10 දෙනෙක්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් ස්ථාපිත කල බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා සඳහන් කරයි.

ඊයේ (21) පැවති සාකච්ඡාවකදී මෙම විශේෂඥ කමිටුව පත් කළ අතර, ආණ්ඩුකාරවරයා සඳහන් කළේ එම කමිටුවේ වාර්තාව සති දෙකකින් තමන්ට ලැබීමට නියමිත බවයි.

අවිධිමත් ආකාරයෙන් ඉදිකර ඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.

දිවයින පුරා අවදානම් සහිත ප්‍රදේශවල ඉදිකර ඇති නිවාස 12,000 ක් පමණ හඳුනාගෙන ඇති බවට මේ වනවිට අනාවරණ වී තිබේ.

මේ අතර , මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව එහි අත්තිවාරම නිසි පරිදි ශක්තිමත්ව පොළව හා සම්බන්ධ නොවීම බව නිරීක්ෂණය වන්නේ යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Related posts

ජනතාවට බරක් නැති පරමාදර්ශී රාජ්‍ය පාලනයක් සමග ආර්ථිකය ශක්තිමත් කරනවා – සජිත් ප්‍රේමදාස

Editor O

නිමි ඇඳුම් දන්සලක්

Mohamed Dilsad

නඩුවට අදාළව ධනුෂ්කගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment