විදෙස්

ඇමෙරිකානු ජනපතිට වස පාර්සලයක්

(UTV |ඇමෙරිකාව) – වස ඇතුළත් පාර්සලයක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත කිසියම් පුද්ගලයෙකු තැපැල් මඟින් එවා ඇති බව හෙළිවී තිබේ.

කෙසේ වෙතත් ධවල මන්දිරයට ළඟා වීමට පෙර එම පාර්සලය පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශවලට හැකි විය.

රිසින් නමැති වස සහිත ද්‍රව්‍යයක් මෙම පාර්සලයේ තිබී ඇත.

මේ සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශ්වයෙන් කිසිවක් මාධ්‍ය වෙත තවමත් ප්‍රකාශ කර නොමැත.

FBI ආයතනය සහ රහස් ඔත්තු සේවා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා තිබේ.

දැනට අනාවරණය වී ඇතිකරුණු අනුව මෙම පාර්සලය කැනඩාවේ සිට එවන්නට ඇති බව විශ්වාස කරයි.

Related posts

මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් චීනය විනාඩි 3 ක් නිහඞ වෙයි

Mohamed Dilsad

නවසීලන්ත ඉඩම් විදේශීය ආයෝජකයන්ට විකිණීම තහනම්

Mohamed Dilsad

රුසියානුු මගී ගුවන් යානයක් අනතුර ට ලක්වෙයි

Editor O

Leave a Comment