දේශීය

කොරෝනා අවධානම පහවගොස් නැහැ -සෞඛ්‍ය අංශය

(UTV |කොළඹ) – කොරෝනා අවදානම පහව ගොස් නොමැති නිසා ඒ සම්බන්ධයෙන් තවදුරටත් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දෙයි.

එහි ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවගේ දායකත්වය අත්‍යාවශ්‍ය වන බවයි.

එසේම, තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවද  ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 3283 දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම ආසාදිතයින් 3070 ක් මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇත.

Related posts

කාරක සභා සභාපතිවරුන්ට කථානායකගෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති ට වැරදීමක්

Editor O

මෙරට කොරෝනා ආසාදිත පිරිස 1000 අභිබවයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment