ක්‍රීඩා

පාසල් ක්‍රීඩා වැඩසටහන් වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක්

(UTV | කොළඹ) – කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පාසල් ක්‍රීඩා සහ ක්‍රීඩා වැඩසටහන් පැවැත්වීමට අදාළව අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කිරීමට කටයුතු කර ඇත.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මතුවිය හැකි අවදානම් තත්වය සැලකිල්ලට ගෙන කාණ්ඩ 4 ක් යටතේ මෙම උපදෙස් මාලාව වර්ගීකරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය සමග ඒකාබද්ධව මෙම උපදෙස් මාලාව සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ක්‍රීඩා කටයුතුවලදී අත් සේදීම , ශ්වසන ආචාර විදි පවත්වා ගැනීම , දුරස්ථභාවය පවත්වාගෙනයාම වැනි මූලික උපදෙස් වලට අමතරව ක්‍රීඩාපිටිවලට ඇතුලුවන පිරිස් සඳහා ප්‍රමාණවත් සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත් පවත්වාගෙනයාමටද මෙමගින් උපදෙස් දී තිඛෙනවා.

ක්‍රීඩා පරිශ්‍ර තුල ආහාර අලෙවිය සහ අලෙවිකරණ කාර්යමණ්ඩලවල සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත් නිසි පරිදි පවත්වාගෙනයාම ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා බලපැවැත්වෙන උපදෙස් මාලාවක්ද මීට ඇතුළත්.

Related posts

ශකීබ් ඇතුළු විදෙස් ක්‍රීඩකයින් පිරිසක් LPL සඳහා ලියාපදිංචි වෙයි

Mohamed Dilsad

දිවයිනට පැමිණි ජයග්‍රාහි ටෙස්ට් ක්‍රීඩකයින් පිළිගත් අයුරු(ඡායාරූප)

Mohamed Dilsad

මුදලට තරඟපාවාදීම සම්බන්ධයෙන් CID සහ ICC යෙන් පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment