දේශීය

රියදුරු බලපත්‍රයේ මුද්‍රණය වෙනත් අංශයකට

(UTV |කොළඹ) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු වෙනස් කර තිබේ.

ඒ ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිටය.

මේ අනුව එම මුද්‍රණ කටයුතු යුද හමුදාවට භාරදීමට සැලසුම් කර තිබේ.

දැනට පෞද්ගලික සමාගමක් විසින් දැනට සිදුකරනු ලබන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශයකට අනුව රියදුරු බලපත්‍රයේ මුද්‍රණ ක්‍රියාවලිය යුද හමුදාවට භාරදීමට පසුගිය ජුලි මස 01 වනදා පැවැති කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව තීරණයකර පැමිණ ඇත.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ඇතුළු එම බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා යුද හමුදා මූලස්ථානයේ දී පැවැත්වුණි.

 

Related posts

පරීපූරක වෛද්‍ය වෘත්තීකයෝ 06 වෙනිදා සංකේත වැඩ වර්ජනයක

Editor O

ලංකාවට ගෙනඑන කොවිඩ් එන්නත් සහ ඖෂධ ගැන සෞඛ්‍ය ඇමතිනිය හෙළිකරයි

Mohamed Dilsad

ආපදාවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට අමාරුයි | විදේශ ණය ගෙවීම් අත්හිටුවන්න | ලෝක ආර්ථික විශේෂඥයින් 120ක කමිටුවකින් දැනුම්දීමක්

Editor O

Leave a Comment