දේශීයව්‍යාපාරික

සහන මිලකට යළිත් එළවළු මල්ලක්

(UTV |කොළඹ) –  එළවළු මල්ලක් රුපියල් 350 ක සහන මිලකට ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරයි.

මෙහි වෙළඳපොල වටිනාකම රුපියල් 700 ක් පමණ වන කැරට්, අර්තාපල්, බීට්, තක්කාලි, ලීක්ස් සහ නෝකෝල් යන එළවළු වර්ග වලින් යුක්තය.

ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගොවි ජනතාවට සහ පාරිභෝගිකයින්ට සහන සැළසීමේ වැඩපිළිවෙල යටතේ අතරමැදියන්ගෙන් තොරව ඍජුවම අස්වැන්න මිලදී ගැනීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීම මෙහි අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව දුම්රිය ස්ථානය, මරදාන දුම්රිය ස්ථානය, ඉසුරුපාය, සුහුරුපාය, සෙත්සිරිපාය සහ නුගේගොඩ යන ස්ථානවලදී මෙම සහනදායී එළවළු මල්ල මිලදී ගත හැකි අතර, මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන තුනකද වැඩසටහන ක්‍රියාත්මකය.

Related posts

සමගි ජන බලවේගයේ ජාතිික ලැයිස්තුව ඇතුළු තවත් පක්ෂ 02ක ජාතික ලැයිස්තු අපේක්ෂක නාම ලේඛන මෙන්න.

Editor O

විපක්ෂ නායකගේ අධ්‍යාපන සුදුසුකම් හෙට (18) පාර්ලිමේන්තුවට

Editor O

නයයෑම් සහ ජලගැලීමෙන් ඉන්දුනීසියාවේ 708 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment