ව්‍යාපාරික

පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 4000 ක් සොයා ගැනේ

(UTV | කොළඹ) – විකිණීමට තිබූ පාරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 4375 ක් පිටකොටුව – 5 වන හරස් වීදියේ ව්‍යාපාරික ස්ථානයක තිබී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (07) දිනයේ දී සොයාගෙන තිබේ.

කිලෝග්‍රෑම් 25ක ප්‍රමාණයේ හාල්මැස්සන් සහිත පෙට්ටි 175 ක මේවා ඇසුරුම් කර තිබූ බව සඳහන්.

අදාළ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කරයි.

Related posts

2024 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් උපයයි

Editor O

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු නොකිරීමේ තීරණයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය.

Editor O

මාස 10ට වාහන ලක්ෂ දෙකහමාරක් ගෙනල්ලා!

Editor O

Leave a Comment