දේශීය

තද වැසි තත්වය පහව යයි

(UTV |කොළඹ) – දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහවයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන පැ.කි.මී (50) පමණ සුළං ඇතිවිය හැකි බව කාලගුණ අංශය පවසයි.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද (07) දින දහවල් 12:08 ට ගිංතොට, ගල්වෙලවත්ත, ගල්ලෑල්ල, අතුරලිය සහ කහඳමෝදර ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

ව්‍යවස්ථාදායක සභාව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

විශ්වවිද්‍යාල සිසු සහ කාර්යය මණ්ඩලයට ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ නිවාඩුවක්

Editor O

ජනාධිපති කොමිසමට අද එන පිරිස

Mohamed Dilsad

Leave a Comment