කලා

ලොව වැඩියෙන්ම අය කරන හොලිවුඩ් නළුවාටත් කොරෝනා

(UTV | ඇමරිකාව) – ලොව වැඩියෙන්ම අය කරන හොලිවුඩ් නළුවා ලෙස සැලකෙන්නේ ඩ්වේන් “ද රොක්” ජොන්සන් ය.

තමාට ඇතුළු මුළු පවුලටම නව කොරෝනා වෛරසය වැළඳුනු බව හිටපු රෙස්ලින් තරුවක් මෙන්ම නළුවෙකු වන ඩ්වේන් ජොන්සන් පවසයි.

සෞඛ්‍යාරක්ෂිතව සිටියද, සිය පවුලේ සමීපතම පවුලේ මිතුරන්ගෙන් මෙලෙස තමා මෙන්ම තම බිරිඳ වන ලෝරන් හා කුඩා දියණියන් වන ජැස්මින් හා ටියානා යන දෙදෙනාටම මීට සති 2 1/2 කට කලින් කොරෝනා වෛරසය වැළඳුනු බව ඔහු සඳහන් කරයි.
“මෙය පවුලක් ලෙස අපට විඳදරාගැනීමට සිදු වූ ඉතාම අභියෝගාත්මක හා දුෂ්කර දෙය බව මට ඔබට පැවසිය හැකියි,” යැයි ඉන්ස්ටර්ග්‍රෑම් වීඩියෝවක් මගින් ජොන්සන් පැවසීය.

ස්කෝපියන් කිං, ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 6 හා ජුමාන්ජි වැනි චිත්‍රපට ඔස්සේ අධික ජනප්‍රියත්වයට පත් වූ ඩ්වේන් ජොන්සන්, ලොව ඉහළම ආදායම් ලද නළුවා ලෙස ද ෆෝර්බ්ස් සඟරාව විසින් මේ වසරේදී  නම් කර තිබුණි.

 

 

Related posts

කට කතා ප්‍රතික්ෂේප කරන එමා වොට්සන්

Mohamed Dilsad

යොහානි ට කොළඹින් ඉඩමක්

Mohamed Dilsad

කොළඹ පෙරදිග සංගීත වෘන්දයෙන් පැරණි නත්තල් බැති ගීයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment