දේශීයප්‍රමුඛ පුවත 1

ජනපති සමාවෙන් සිරකරුවන් රැසකට නිදහස

(UTV |කොළඹ) – සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් පිරිසකට ජනපති පොදු සමාව ලබා දීමට තීරණය කරයි.

බන්ධනාගාර තුළ මේ වන විට පවතින අධික තදබදය පාලනය කිරීම සඳහා මෙම රැඳවියන් ජනපති පොදුසමාව යටතේ නිදහස් කෙරෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

මෙහිදි දඩ මුදල් ගෙවා ගත නොහැකිව සුළු වැරදි යටතේ සිරදඬුවම් විදින රැඳවියන්, වයස අවුරුදු 65ට වැඩි සුළු වැරදි යටතේ සිරදඬුවම් විදින දඬුවම් කාලයෙන් අඩක් ගෙවා ඇති රැඳවියන්ට නිදහස හිමිව තිබේ.

මීනි මැරුම්, මංකොල්ල කෑම්, ස්ත්‍රි දුෂණ, ළමා අපචාර ඇතුළු බරපතළ ගණයේ වැරදි සම්බන්ධ කිසිදු රැඳවියෙකුට මෙම ජනපති පොදුසමාව හිමි නොවන අතර රැඳවියන් 444දෙනෙකුට නිදහස ලබා දෙයි.

මේ අනුව වැලිකඩ බන්ධනාගාරයෙන් වැඩිම රැඳවියන් පිරිසක් නිදහස් වන අතර එම සංඛ්‍යාව 83කි.

ඊට අමතරව පල්ලේකැලේ බන්ධනාගාරයෙන් රැඳවියන් 54 දෙනෙකුද, කුරුවිට බන්ධනාගාරයෙන් රැඳවියන් 35 දෙනෙකු ද, මහර බන්ධනාගාරයෙන් රැඳවියන් 30 දෙනෙකු ද, අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියන් 28 දෙනෙකු ද වශයෙන් දිවයින පුරා පිහිටි බන්ධනාගාර 29ක රැඳවියන්ට මෙලෙස නිදහස හිමි වේ.

 

Related posts

කොටගල රත් කළ ගින්න

Mohamed Dilsad

කෙහෙළියට එරෙහි නඩුව ගැන මහාධිකරණයෙන් තීරණයක්

Mohamed Dilsad

හුංගම රිය අනතුරින් තුවාල ලැබූ 20 ක් තවමත් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment