දේශීයප්‍රමුඛ පුවත 1

කෝප් කමිටුවේ විපක්ෂ නියෝජනය වැඩි කරන්නැයි ඉල්ලීමක්

(UTV |කොළඹ) – කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට විපක්ෂයෙන් පත් කෙරෙන නියෝජිත සංඛ්‍යාව ඉහළ නංවන ලෙස ඉල්ලීමක් කෙරේ.

මෙමෙ ඉල්ලීම කර ඇත්තේ සමගි ජන බලවේගය විසිනි.

මෙවර කෝප් කමිටුවට පත් කෙරෙන සමස්ත සාමාජික සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ නංවා ඇති අතර ඉන් සාමාජිකයන් 14 දෙනෙකු පත් කරනු ලබන්නේ ආණ්ඩු පක්ෂයෙනි.

සෙසු සාමාජිකයින් 8 දෙනා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂ කණ්ඩායම්වලින් පත් කරනු ලබයි.

ඒ අනුව කෝප් කමිටුවට සමගි ජන බලවේගයෙන් සාමාජිකයන් 4 දෙනෙකු මේ වන විටත් නම් කර ඇත.

එය ඉදිරියේදී පාර්ලිමේන්තුව වෙත නිළ වශයෙන් දැනුම් දීමට නියමිතය.

Related posts

2030 දී ලංකාව සහ ඉන්දියාව අතර අලුත් වැඩක්

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි.

Mohamed Dilsad

බේරුවලදී වැටලු හෙරොයින් ජාවාරමේ සුල මුල

Mohamed Dilsad

Leave a Comment