දේශීයප්‍රමුඛ පුවත 2

රනිල් ජනපති කොමිසමේ පොලිස් ඒකකයට කැඳවයි

(UTV |කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද කැඳවා තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරි දිනකදී කැඳවීමට නියමිත අතර ඊට පෙර එම ප්‍රකාශය ගැනීම සඳහා පොලිස් ඒකකයට පැමිණෙන ලෙසට කොමිසම ඔහුට දැනුම් දීමක් ඇත.

පසුගිය 21 වනදා ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ප්‍රකාශයක් දෙන ලෙසට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම්දී තිබුණද එදින ඔහුට පැමිණීමට නොහැකි බැවින් දන්වා අද දිනයේ පැමිණීමට බලාපොරොත්තු වන බව හිටපු අග්‍රාමාත්‍යවරයා කොමිසමට දැනුම් දී තිබේ.

Related posts

බිත්තර මිල තවම අඩු කරලා නෑ – බේකරි හිමියන්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කීපයක හුදෙකලාභාවය හෙට උදේ 5 ට ඉවත් කෙරේ [RELEASE]

Mohamed Dilsad

නිරෝධායන වන නිවෙස් වල අපද්‍රව්‍ය වලට කල යුතු දේ

Mohamed Dilsad

Leave a Comment