දේශීය

පාර්ලිමේන්තු කතානායක ධුරය නම් කෙරේ

(UTV |කොළඹ) – පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව ස්ථාවර නියෝගවලට අනුව එහි කාර්ය ලෙස අභිනව කතානායකවරයෙකු, නියෝජ්‍ය කථානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත් කර ගැනීම සිදු කෙරුණි.

එහිදී අභිනව කථානායකවරයා පත් කර ගන්නා ලෙස මහලේකම් ධම්මික දසනායක මහතා දැනුම් දීමෙන් පසු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කතානායක ධුරයට මහින්දයාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා කළේය.

වෙනත් නම් ඒ සඳහා යෝජනා නොවූයෙන් ඒකමතිකව කතානායක ධුරයට මහින්දයාපා අබේවර්ධන මහතා පත්කරන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුම් දුන්නේය.

පසුව ඔහු කථානායක අසුන වෙත කැදවාගෙන ඒම සිදුකෙරුණි.

 

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන තීරණ කිහිපයකට එළඹේ

Editor O

දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් අද සිට PCR පරීක්ෂාවට

Mohamed Dilsad

සයිනොපෙක් ඉන්ධන මිල ගණන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment