විදෙස්

ඇමෙරිකාව සහ චීනය යළි එක් වන ලකුණු

(UTV |ඇමෙරිකා) – එක්සත් ජනපදය හා චීනය අතර අර්බුදය උත්සන්න වීමට පෙර ඉදිරි දිනවලදී අවසන් වරට වෙළඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට නියමිතය.

ලෝක සුපිරි බලවතුන් දෙදෙනා 2018 සිට ලෝක ආර්ථිකයට හානි කරමින් වෙළඳ යුද්ධයක පැටලී සිටි.

මෙහිදී එක් එක් රටවල ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට ජනවාරි මාසයේදී රටවල් දෙකම එකඟ විය.

කෙසේ වෙතත්, පසුගිය මාස හය තුළ මතුවූ ගැටළු හේතුවෙන් සබඳතා වඩ වඩාත් අර්බුදයට ලක්ව ඇත.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී චීනය සමඟ ගැටුම් ඇති කර ගත්තේ චීනයෙන් හදුන්වා දුන්  ටික්ටොක් සහ වේචැට් යන යෙදුම් හරහා එරට ජාතික ආරක්‍ෂාවට ගැටළු ඇති වන බව පවසමින් එක්සත් ජනපදයේ ඒවා තහනම් කළ හැකි බවට අනතුරු ඇඟවීමත් සමඟය.

Related posts

බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඝාතනය කිරීමට සැලසුම් කළ 14 කට මරණ දඬුවම

Mohamed Dilsad

උතුරු කොරියාව සමඟ ඇමෙරිකාව යළි සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

හිටපු 16 වන බෙනඩික් පාප්වහන්සේ දිවි සැරිය නිමා කරයි

Mohamed Dilsad

Leave a Comment