දේශීය

කුරුණෑගල නගරාධිපතිගෙන් අධිකරණයට පෙත්සමක්

(UTV | කොළඹ ) – කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩලය කඩා විනාශ කිරීමට අදාළ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

හෙට දින (12) මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සලකා බැලීමට නියමිතයි.

කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා, කුරුණෑගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇත.

Related posts

හිටපු ජනපති ගෝඨාභය ඇතුළු පිරිසකට නොතීසි

Editor O

ශ්‍රී ලංකාවේ දෙවන කොරෝනා මරණය මීගමුවෙන්

Mohamed Dilsad

ලාෆ්ස් ගෑස් මිල ගැන තීරණයක්

Mohamed Dilsad

Leave a Comment