දේශීය

කුරුණෑගල නගරාධිපතිගෙන් අධිකරණයට පෙත්සමක්

(UTV | කොළඹ ) – කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩලය කඩා විනාශ කිරීමට අදාළ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

හෙට දින (12) මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සලකා බැලීමට නියමිතයි.

කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා, කුරුණෑගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇත.

Related posts

කොරෝනා ප්‍රතිලාභ නොලැබූවන්ට දීමනාව හෙට සහ අනිද්දාත්

Mohamed Dilsad

අයිඑම්එෆ් අනුව, 2025 අවසන්වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 7.2ක් කළ යුතුයි තියෙන්නේ 6.1යි.

Editor O

කොටගල රත් කළ ගින්න

Mohamed Dilsad

Leave a Comment