දේශීය

මල්වාන ප්‍රදේශයේ රිය අනතුරකින් මවක් සහ දියණියක් මරුට

(UTV | කොළඹ) – දොම්පේ, සමනබැද්ද මල්වාන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මවක සහ දියණියක ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මල්වාන දෙස සිට සමනබැද්ද දෙසට ධාවනය වූ මෝටර් රථයක් එහි රියදුරුට පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

යතුරුපැදියේ ගමන් කළ කාන්තාවක් හා ඇයගේ දියණිය අනතුරින් බරපතළ තුවාල ලබා දොම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දෙදෙනාම මිය ගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වැලිකැටිය, වෙල්ගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මවක් හා 19 හැවිරිදි ඇගේ දියණියයි.

Related posts

උපාධිධාරී අභ්‍යාසලාභී පුහුණුව ආරම්භ කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීමට අභ්‍යාස ආයතනයක්

Mohamed Dilsad

සමාගම් රෙජිස්ට්‍රාර් කටයුතු ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment