දේශීය

රාජපක්‍ෂ පවුලේ සහෝදරත්වය දැක සුසුම් හෙළන මනෝ

(UTV |කොළඹ) – “මට මේ වගේ බාල සහෝදරයෙක් නැහැ”  යනුවෙන් මනෝගනේෂන් පවසයි.

මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ දිවුරුම් දීමෙන් පසු තම බාල සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දණ ගසා වඳින ඡායාරූපය උපුටා දක්වමින් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් තම නිල ෆේස්බුක් පිටුවේ මේ බව පළ කර තිබුණි.

මට එවැනි සහෝදරයෙක් නැතුව පාලුයි ..!

උපතින්ම මට “අයියා” කියන අයද, සමාජයේ “අයියා” ලෙස ආමන්ත්‍රණය කරන බොහෝ දෙනෙක් සිටියද ඒ බහුතරය පිටුපසින් තම පිටට පහර දෙන අය බව ඔහු සඳහන් කරයි.

නමුත් රාජපක්ෂ සහෝදරයන් අතර ගැටුම් තිබෙන බව සමාජයට පෙන්වුවද එය ඒසේ නොවන බවත් රාජපක්‍ෂ පවුලේ සාර්ථකත්වයේ රහස මෙම සහෝදරකම බවත් ඔහු පෙන්වා දෙයි.

Related posts

තවත් ආසාදිතයින් 274ක් වේ

Mohamed Dilsad

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ මූල්‍ය වංචා වාර්තාව රාජ්‍ය අමාත්‍යවරයාට

Mohamed Dilsad

වට්ස්ඇප් ගිණුම්වෙත අනවසර ප්‍රවේශයන් පිළිබඳ ලැබෙන පැමිණිලි ඉහළට

Editor O

Leave a Comment