ක්‍රීඩා

ජොනතන් ට්‍රොට් එංගලන්ත පිතිකරණ පුහුණුකරු ධූරයට

(UTV | එංගලන්ත) – එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ජොනතන් ට්‍රොට් පත්කර ඇත.

ඒ පාකිස්ථාන කි‍්‍රකට් සංචාරය වෙනුවෙන්.

දෙරට අතර ටෙස්ට් කි‍්‍රකට් තරඟ 3 ක් පැවැත්වෙන අතර , පළමු තරඟය හෙට (05) ආරම්භ වීමට නියමිතය.

ඒ වෙනුවෙන් ජොනතන් ට්‍රොට් පුහුණුකරු ලෙස පත්කළ බව එංගලන්ත කි‍්‍රකට් බලධාරින් පවසයි.

ඔහු ටෙස්ට් කි‍්‍රකට් තරඟ 52 කදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 3835 ක්.

මීට අමතරව එක්දින ජාත්‍යන්තර තරඟ 68 ක් සහ පන්දුවාර 20 තරඟ 7 ක් ජොනතන් ට්‍රොට් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩාකර තිබේ.

Related posts

ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මුරලි ඇතුළු 12 දෙනෙකුගෙන් පෙත්සමක්

Mohamed Dilsad

“විජයබාහු මොටෝක්‍රොස් 2018”ට සියල්ල සුදානම්(වීඩියෝ)

Mohamed Dilsad

කොරෝනා මැඩපැවැත්වීමට සාවි හැනන්ඩර්ස්ගෙන් යුරෝ මිලියනයක්

Mohamed Dilsad

Leave a Comment