දේශීය

හජ් උත්සවය අදයි

(UTV | කොළඹ ) – ඉස්ලාම් බැතිමතුන්ගේ උත්කර්ශවත් ආගමික සැමරුම, හජ් උත්සවය අදට යෙදී තිබේ.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රමුඛ අරමුණයි.

මුළු ලොවම වෙලාගෙන ඇති කොවිඩ්-19 වසංගතය හමුවේ මෙවර සුපුරුදු පරිදි මක්කම වන්දනාව කිරීමට මුස්ලිම් ප්‍රජාවට නොහැකි වුවද එකී වන්දනාව තුළින් පිලිඹිබු වන අල්ලා දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කරමින් සහජිවනය තවදුරටත් වර්ධනය කර ගැනීමට අද දවස උපකාර වනු ඇති බව හජ් උත්සවය නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය.

මේ අතර, කොවිඩ්-19 ගෝලීය වසංගතය හමුවේ පවතින අර්බුදකාරී තත්ත්වය මැද යහක්‍රියාවල යෙදී හජ් උත්සවය චාම් අන්දමින් සමරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එමෙන්ම, ඉස්ලාමීය මඟ පෙන්වීම නිසි ලෙස අනුගමනය කරමින් අප මාතෘ භූමිය හා ලෝකවාසීන් මෙම වසංගතයෙන් ආරක්ෂා කර දෙන ලෙස අල්ලාහ් දෙවියන්ගෙන් අයැද සිටිය යුතු බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

ආපදාවෙන් විනාස වූ රට ගොඩනගන්න සහය දෙන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්⁣වරයාගෙන් ඉල්ලයි….

Editor O

ගතවූ පැය 24 තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment