දේශීයප්‍රමුඛ පුවත 2

රාජාංගණයේ තැපැල් ඡන්ද විමසීම අද

(UTV | අනුරාධපුරය) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග තාවකාලිකව අත්හිටවූ රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්ද විමසීම අද (28) පැවැත්වෙනු ඇත.

ඒ අනුව අද පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තැපැල් ඡන්ද සළකුණු කල හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කලාප අධ්‍යාපන කාර්යාලයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව පවතියි.

රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු ඊයේ (28) ආරම්භ කළ අතර , ලබන මස 2 වනදා දක්වා බෙදා හැරීම් කටයුතු සිදුකරන බව ද එම කොමිසම වැඩිදුරටත් සඳහන්කර සිටියි.

Related posts

කොරෝනා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා ණය යෝජනා ක්‍රමයක්

Mohamed Dilsad

රෝහින්ග්‍යා සරණාගතයන් ගැන රිෂාඩ්ගෙන් ඉල්ලීමක්

Editor O

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(06) ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී

Editor O

Leave a Comment