ගොසිප්

පාතාලය සමඟ සම්බන්ධතා පවත්වන බන්ධනාගාර නිලධාරීන් ගැන තොරතුරු

(UTV |කොළඹ) – බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල රැඳවියන් සමග සම්බන්ධතා පවත්වන බන්ධනාගාර නිලධාරීන් පිරිසක් පිළිබඳ තොරතුරු හෙළිව තිබේ.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මේ වන විට නිලධාරීන් 15 දෙනකු පමණ හඳුනා ගෙන ඇත.

මෙම පිරිසට බන්ධනාගාරයේ දීර්ඝ කාලයක් සේවය කරන ජේලර්වරුන් හා බන්ධනාගාර නියාමකවරුන් ඇතුළත් වන බවත් ඔවුන් සම්බන්ධයෙන් දෙපාර්තමේනතු මට්ටමින් විශේෂ විමර්ශණයක් මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙමෙ නිලධාරීන් සම්බන්ධයෙන් හෙළි දරවු වී ඇත්තේ ඔවුන් බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇති බිහිසුණු අපරාධකරුවන් 30කට ආසන්න පිරිස සමග සබඳතා පවත්වා ඇති බවයි.

බූස්සේ රඳවා සිටින විශේෂ අපරාධකරුවන් බාහිර සමාජය හා සම්බන්ධීකරණය කිරීම හා පාතාල කටයුතු යාවත්කාලීන කිරීමට උදව් කිරීම මේ නිලධාරීන් විසින් කර ඇතැයි ද වාර්තා වේ.

මේ පිරිස සමබන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

බියගම පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට

Mohamed Dilsad

නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

එන සතියේ දී ලොක්ඩවුන් ඉවතට..

Mohamed Dilsad

Leave a Comment