දේශීය

IDH රෝහලෙන් පැනගිය පුද්ගලයා කන්දකාඩු වෙත ගෙන යයි

(UTV |කොළඹ) – කොළඹ ජාතික උණ රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිත පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

ඔහුගේ වෛරස මට්ටම එතරම් ඉහළ නොවන නිසා සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එසේ කන්දකාඩු මධ්‍යස්ථානයේ පිහිටි රෝහලට ඔහු ගෙන ගිය බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මෙම පුද්ගලයා ජාතික උණ රෝහලේ සිට පිටකොටුව දක්වා පා ගමනින් ගොස් ඇති බව හෙලි වී ඇති බවද හමුදාපතිවරයා පැවසීය.

පිටකොටුව කෙළින් වීදියේ සිට ඔහු කොළඹ ජාතික රෝහලට ගෙන ගොස් ඇත්තේ ත්‍රීරෝද රථයකින් බවත්, එම සම්පුර්ණ ගමනේදී ආසාදිතයා සමග ගැටුණු සියලු පුද්ගලයන් නිරෝධායනය සඳහා කටයුතු යොදා ඇතැයිද හමුදාපතිවරයා පැවසුවේය.

Related posts

රිෂාඩ්ව මැති සභයට සහභාගී කරගැනීමට කතානායකගේ කැමැත්ත

Mohamed Dilsad

සුපිරි වාහන සඳහා යොදන සුපිරි ඉන්ධන මිල අඩු කරයි.

Editor O

ගමක්ම බිය වැද්දූ අඹුසැමි යුවළ පොලිස් කූඩුවේ

Mohamed Dilsad

Leave a Comment