දේශීය

PCR පරීක්‍ෂණ සඳහා සමාජ ආරක්ෂණ අරමුදලෙන ලක්‍ෂ 366 ක්

(UTV |කොළඹ) – මේ වන විට සිදුකරන අත්‍යාවශ්‍ය PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812ක් යොදවා තිබේ.

අදාළ චෙක්පත ඊයේ (24) මහ බැංකු අධිපති, කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත භාර දී ඇත.

PCR පරීක්ෂණ හා සෞඛ්‍යාරක්ෂණ උපදේශන වැඩසටහන්වල වියදම් සඳහා මුදල ප්‍රදානය කර තිබේ.

මේ වන විට කොවිඩ් -19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1525 ඉක්මවා ඇත.

Related posts

බස් ගාස්තු සංශෝධනය වෙන්නෙ මෙහෙමයි

Mohamed Dilsad

තැපැල් සේවක නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

ජනාධිපති කාර්යසාධක බලකායේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment