දේශීය

එළබෙන සඳුදා සිට සියලු පාසල්වල 11,12,13 ශ්‍රේණි ඇරඹෙයි

(UTV | කොළඹ ) – අධ්‍යාපන අමාත්‍යංශය විසින් ජුලි මස 27 වන දින සිට රජයේ සියලු පාසල් 11,12 සහ 13 ශ්‍රේණි සිසු දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව පවසයි.

කොවිඩ් – 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතු වූ නව තත්වයන් හමුවේ පාසල් විවෘත කිරීමේ දින සහ පාසල් පැවැත්වෙන ශ්‍රේණි සහ විභාග පැවැත්වෙන දින සංශෝධනය කරන ලද අතර, ඒ අනුව 11,12 සහ 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7.30 සිට ප.ව 3.30 තෙක් පාසල් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සෙසු ‍ශ්‍රේණි සඳහා අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් ආරම්භ කෙරෙන බව එහි වැඩිදුරටත් දැක්වේ.

සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමේ දී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදී ඇති විශේෂ උපදෙස්වලට අනුකූලව පාසල් පවත්වාගෙන යා යුතු බව ද සියලු පාසල් බලධාරීන් වෙත අවධාරණය කර තිබේ.

2020 මහ මැතිවරණයට අදාළව පාසල් සූදානම් කිරිම හා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ජූලි මස 28,29,30,31 දිනවල පාසලේ රැඳී සිටිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා තිබේ.

මෙම කාලසිමාව තුළ සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන ආකාරයට, සහකාර කොමසාරිස්වරුන් සමඟ සාකච්ඡා කර, මැතිවරණ කටයුතු සඳහා පාසල් තුළ පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස ද විදුහල්පතිවරුන් වෙත එම නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා ඇත.

Related posts

සමස්ත මරණ සංඛ්‍යාව 186 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

ජනාධිපතිවරණයට 10 දෙනෙක් ඇප තියයි.

Editor O

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment