දේශීයව්‍යාපාරික

වැලිබල් පවර් සහ විදුලිබල මණ්ඩලය ගිවිසුමකට අත්සන් තබයි

(UTV | කොළඹ) – ලංකාවේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන වැලිබල් පවර් එරත්න පීඑල්සී සහ ලංකා විදුලිබල මණ්ඩලය, බලශක්ති මිලදී ගැනීමේ (Power Purchase Agreement) ගිවිසුමකට අත්සන් තබා තිබේ.

මේ අනුව එරත්න ජලවිදුලි බලාගාරය විසින් නිපදවනු ලබන මෙගාවොට් 9.9 ක විදුලි ධාරිතාවක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත අලෙවි කෙරෙනු ඇත.

තවද මෙම ගිවිසුම 2024 ජූලි 20 දක්වා වලංගු වන අතර එය 2039 ජූලි 14 දින දක්වා තවදුරටත් දීර්ඝ කළ හැකි පරිදි ප්‍රතිපාදන සහිතව අත්සන් කරන ලද්දකි.

මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා වැලිබල් පවර් එරත්න පීඑල්සී හි සභාපතිවරයා වන අතර එහි පාලක කොටස් හිමිකාරීත්වය ද ඔහු යටතේ පවතී.

 

Related posts

කොළඹ වරායේ සේවකයන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

රනිල් දිනවන්න ගම්පහ ආසනයේ පක්ෂ තුනක් ඒකාබද්ධ වැඩසටහනක

Editor O

මෙරට වෙළඳ පොලට පෙරළිකාර vivo S1 හඳුන්වා දෙයි

Mohamed Dilsad

Leave a Comment