Trending News

මොරටුව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක්

(UTV | කොළඹ ) – මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම සඳහා මේ වන විට සැළසුම් කරමින් පවතින බවත් එහි අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ අනුව යෝජිත වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය කළුතර මහ රෝහල තුළ පිහිටුවීමට නියමිතය.

හෝමාගම මූලික රෝහල එම වෛද්‍ය පීඨයේ සායනික පුහුණුව සඳහා යොදා ගැනීමට යෝජනා වී තිබේ.

ඒ අනුව කළුතර මහ රෝහල සහ හෝමාගම මූලික රෝහල ශික්ෂණ රෝහල් වශයෙන් උසස් කිරීම සඳහා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.

ඊයේ (22) අමාත්‍ය මණ්ඩලය රැස්වු අවස්ථාවේ දී අදාළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

Related posts

ඇමෙරිකාවෙන් ආධාර ගත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ විමර්ශනයක් කළ යුතුයි – නාමල් රාජපක්ෂ

Editor O

“வடமாகாணம் 4 சத வீத பங்களிப்பை நல்குகின்றது” ஏற்றுமதியில் வடக்கையும் தீவிரமாக ஈடுபடுத்த திட்டங்கள் !-அமைச்சர் ரிஷாட்

Mohamed Dilsad

தேசிய சுனாமி ஒத்திகை நிகழ்வு 03 மாவட்டங்களில் முன்னெடுக்கத் திட்டம்

Mohamed Dilsad

Leave a Comment