දේශීය

මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකගේ වැඩ තහනම්

(UTV | පුත්තලම) – අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට අද (23) පෙරවරුවේ පුත්තලමේදී අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයාගේ වැඩ තහනම් කර ඇත.

අද අලුයම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් සමගින් පුත්තලම නගරයේදි මොහුව අත්අඩංගුවට ගනු ලැබීය.
පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයේ දූෂණ මර්දන අංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේය.

එමෙන්ම අදාළ සිද්ධියේදී ඔහු සමග සම්බන්ධ වූ බව කියන අනෙකුත් නිළධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තා කිරීමට අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකුගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන සහකාර සුරාබදු කොමසාරිස්වරයෙකුගේ නායකත්වයෙන් යුත් විශේෂ සුරාබදු නිළධාරී කන්ඩායම් 02 ක් පත් කිරීමට සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන ඇත.

සතියක් තුළ එම වාර්තා ඉදිරිපත් කල යුතු බවට දැනුම් දී තිබේ.

අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරිවරයා මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මීට පෙර ද වැඩතහනමකට ලක්ව ඇති අයෙකු බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සදහන් කළේය.

Related posts

තවත් පෙරහුරු මැතිවරණ කිහිපයක්

Mohamed Dilsad

රංජන් අද රස පරීක්ෂක හමුවට

Mohamed Dilsad

ගෝඨාභයගේ ඉල්ලා අස්වේ

Mohamed Dilsad

Leave a Comment