ක්‍රීඩා

මෙවර IPL තරඟාවලිය ඩුබායිහි දී

(UTV | ඉන්දියාව) –  මෙවර IPL ක්‍රිකට් තරඟමාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තීරණය කර ඇත.

එහි සංවිධායකයින් පවසන්නේ ලබන සැප්තැම්බර් 26 වනදා සිට නොවැම්බර් 7 වනදා තෙක් කාල සීමාව ඊට යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මෙවර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟමාලාව කල් යාම හමුවේ එම කාලසීමාව ලබා ගැනීමට ඔවුන් සැලසුම් කර ඇත.

සංවිධායකයින් පවසන්නේ එමීර් බලධාරීන්ගේ අවසරය ලැබුණහොත් නරඹන්නන් කැඳවීමටද බලාපොරොත්තු වන බවයි.

පසුගිය අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත වූ IPL තරඟමාලාව කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමනු ලැබීය.

Related posts

ඩැනීලී වෙයිට්ට කෝලිගෙන් ලැබුණු තෑග්ග

Mohamed Dilsad

තුන් කොන් එක්දින තරඟාවලිය අද ඩකාහිදී

Mohamed Dilsad

කොදෙව්වන් සමග පැවති තරඟාවලියේ දී එංගලන්තය පෙරමුණට

Mohamed Dilsad

Leave a Comment