දේශීය

ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය ඇරඹේ

(UTV | මහනුවර) – මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අද (21) ආරම්භ කෙරුණි.

අද අළුයම 2.26 ට යෙදුණු සුබ මොහොතින් සිව් මහා දේවාල කප් සිටුවීමේ චාරිත‍්‍රය සිදු කරමින් ඇසළ පෙරහැර මංගල්‍යය සිදු කෙරුණු බව අප වාර්තාකරුවන් පවසයි.

කප් සිටුවීමේ මංගල්‍යය පුරාණ චාරිත‍්‍රානුකූලව හා ආගමික වතාවත්වලට අනුව සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කළේය.

එසේම පුරාණ චාරිත‍්‍රානුකූලව දේවාභරණ වැඩම කරවීම එහිදී සිදුවේ.

අස්ගිරි විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් සඳහන් කළේ කොරෝනා වෛරසයේ බලපෑම එල්ල වුවද සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර අනිවාර්යයෙන්ම ඉටුකරන බවයි.

මෙවර ඇසල පෙරහැර මංගල්‍යය අවසන්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 4 වැනිදා ගැටඹේ තොටේදී සිදු කෙරෙන දිය කැපීමේ මංගල්‍යයෙන් පසුවය.

මීට පෙර වසරවලදී ඇසල පෙරහැර මංගල්‍යයට දෙස් විදෙස් සංචාරකයින් ලක්‍ෂ ගණනක් සහභාගි වු අතර මෙවර පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ඇසල පෙරහැර මංගල්‍යය සිදු කෙරෙන්නේ කිසිදු ජන සහභාගිත්වයකින් තොරවය.

 

Related posts

මහ මැතිවරණ ගැසට් නිවේදනය බල රහිත කිරීමට තවත් පෙත්සමක්

Mohamed Dilsad

කොතලාවල වෛද්‍යපීඨයේ ගැටළුව පිටුපස සිටින පුද්ගලයෙක් ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්

Editor O

එංගලන්තයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 154 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment