දේශීය

භික්ෂූන් වහන්සේලා පිරිසක් නිරෝධායනයට

(UTV |මොණරාගල)  – බඩල්කුඹුර ගල්බඩ පිරිවෙන් විහාරස්ථානයේ වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලා 45 දෙනෙකු ඇතුළු 72 ස්වයං නිරෝධනයට ලක් කර තිබේ.

මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සඳහන් කළේ ඔවුන් එම පිරිවෙන් පරිශ්‍රයේම නිරෝධායනය ලක්කර ඇති බවයි.

පසුගියදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ හමුදා සෙබළකු සහභාගි වූ ආගමික වැඩසටහනක් මෙම පිරිවෙනේ පවත්වා ඇත.

එහිදී මෙහි භික්ෂූන් වහන්සේලා ඔහු සමඟ මයික්‍රෆෝනය හුවමාරු කර ගැනීම නිසා මෙම පියවර ගෙන තිබේ.

එමෙන්ම එම සෙබළා ඒ ආසන්නයේ පිහිටි තම මහ ගෙදරට ගොස් ඇති අතර ඔවුන් ද ස්වයං නිරෝධයට ලක් කර ඇති බව මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා පැවසීය.

 

Related posts

නිශ්ශංක සේනාධිපති අද ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

යුධ හමුදාපතිවරයා කොවිඩ් එන්නත ලබාගනී

Mohamed Dilsad

ජනපති නුදුරේදී චීන සංචාරයකට

Mohamed Dilsad

Leave a Comment