දේශීය

ජනපති නුදුරේදී චීන සංචාරයකට

(UTV | කොළඹ) – වෙළඳ – ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රවලින් අඛණ්ඩව සහය දෙන්නැයි චීනයේ සිටින ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා එරට රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවෙන් තේ – කුලු බඩු – ඇගලුම් සහ මැණික් මිළදී ගැනීමට චීන සමාගම් පොළඹවන ලෙස ඉල්ලීමක් කෙරුණු බවයි.

එමෙන්ම කොළඹ සහ හම්බන්තොට වරායන් හි තවත් ආයෝජන සිදුකරන ලෙසත් ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් චීන රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුදුරේදී චීනයේ සංචාරයකට එක්වනු ඇති බවටත් ඔහු මෙහිදී ඉගි පළකර ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.

Related posts

මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ තවත් ඉහළට [RELEASE]

Mohamed Dilsad

ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස් කිරීමට ආණ්ඩුවේ උත්සාහයක්..?

Editor O

‘සමාජ මාධ්‍ය අවහිර කිරීමේ ක්‍රියාව කිසිසේත්ම තමන් අනුමත කරන්නේ නැහැ’

Mohamed Dilsad

Leave a Comment