දේශීය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර් පීරිස් අත්අඩංගුවට

(UTV |කොළඹ) – හිටපු පාර්ලිමේන්තු සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල් ආර් පීරිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ රුපියල් 113,460ක තැපැල් ගාස්තු අවභාවිත කිරීම ඔහුට එරෙහිව එල්ල  වී ඇති චෝදනාව බවයි.

ඔහු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ කාලයේ තලවතුගොඩ තැපැල් කාර්යාලයෙන් තැපැල් මුද්‍රා යන්ත්‍රයක් ලබා ගෙන ඇති අතර එම යන්ත්‍රයේ මුද්‍රා කඩා දත්ත වෙනස් කර මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ පත්‍රිකා තැපැල් කර ඇති බවට ඔහුට චෝදනා කෙරේ.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත තලංගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත සිදු කළ පරීක්ෂාවකින් අනතුරුව සැකකරු ඊයේ(18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

නිමල් ආර් පීරිස් මහතා සමගි ජන බලවේගය පක්ෂයේ සම්බන්ධීකරණ නිලධාරිවරයෙකු ලෙස කටයුතු කරයි.

ඊට අදාළ ලිපි 7564ක් යොමු කිරීම සඳහා වංචනික ලෙස නිදහස් තැපැල් මුද්‍රාව යොදාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

Related posts

අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් හෙට

Mohamed Dilsad

විදුලිබිල ගෙවීම සඳහා ලබාදී තිබුණු සහන කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් රජයට මිලියන 25 ක්

Mohamed Dilsad

Leave a Comment