විදෙස්

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 10 ඉක්මවයි

(UTV| කොවිඩ් 19) – ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන් ගණන ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,005,871 ක් ලෙස දැක්වෙයි.

එරටින් වාර්තා වන සමස්ත වෛරස් ආසාදිත මරණ ගණන 25,622 කි.

ලොව තෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.

ඉන්දියාව කොරෝනා වෛරස් පැතිර යෑම වළක්වා ගැනීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමත් සමඟ රටේ කුඩා නගරවලත් ගම්මාන තුළත් වෛරස් ව්‍යාප්ත වීමට හේතුවී ඇතැයි වාර්තා වේ.

Related posts

ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන් අද ඇරඹේ

Mohamed Dilsad

විකිරණ බලපෑමෙන් පුස්ගලයෙකු මරුට

Mohamed Dilsad

පාකිස්තානයේ දේවස්ථානයක වෙඩි තැබීමක්.05 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment