ක්‍රීඩා

2022 පාපන්දු ලෝක කුසලානයේ කාලසටහන නිකුත්වෙයි

(UTV| දෝහාකටාර්) – 2022 පාපන්දු ලෝක කුසලාන තරඟමාලවේ කාලසටහන ප්‍රකාශයට පත් කර ඇත.

කටාර් පාපන්දු බලධාරීන් සඳහන් කළේ 2022 වසරේ නොවැම්බර් 21 වනදා තරඟාවලිය ආරම්භ කරන බවයි.

එහිදී මූලික වටයේ තරඟ දින 12 ක් පුරා පැවැත්වීටම නියමිතව ඇත.

2022 ලෝක කුසලාන පාපන්දු තරඟමාලාවේ අවසන් මහා තරඟය දෙසැම්බර් 18 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මීට අමතරව, සෙනගාලයේදී පැවැත්වීමට තිබූ 2022 යොවුන් ඔලිම්පික් උළෙල වසර 4 කින් කල් දැමීමට තීරණය කර ඇත.

දින දෙකක් පුරා අදාල පාර්ශව සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව තීරණය ගත් බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සඳහන් කළේය.

කොරෝනා වසංගත තත්වය ඇතුළු කරුණු කිහිපයක් ඊට හේතුවී ඇති අතර , නව සැලසුම යටතේ 2026 වසරේ සෙනගාලයේදී යොවුන් ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතය.

Related posts

එක්දින පුහුණූ තරඟාවලියේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.

Mohamed Dilsad

බංගලිදේශය සමඟ පැවතී තරඟයෙන් ශ්‍රී ලංකාවට 91 ක ජයක්

Mohamed Dilsad

තරඟාවලියට පෙර මුදල් නොදුන්නැයි රවී බොපාරා LPL අතහරී

Mohamed Dilsad

Leave a Comment